පස්කන්දක් කඩා වැටී අයෙක් මරුට, දෙදෙනෙක් රෝහලට
අම්බලන්ගොඩ කරිත්තකන්ද ප්රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් සහ කම්කරුවන් තිදෙනෙක් මතට ඒ ආසන්නයේ තිනූ පස් කන්දක් කඩා අ(21)දහවල් කඩා වැටී එක් අයෙකු මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ අංක 08,අත්කම් නිවාස ,ඕකන්ද , අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි 54 හැවිරිදි තිදෙරු පියෙක්වූ ප්රභාත් චන්ද්ර ගුණතිලක නැමැති දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.පස් කන්දට යටවීමෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනාද අම්බලන්ගොඩ ඕකන්ද ප්රදේශයේම පදිංචි අයවලුන් බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ කරිත්තකන්ද ප්රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කාර්යයේ අද(21)උදේ සිට මේ තිදෙනා යෙදී ඇති බවත් දහවල් වනවිට ඔවුන් ඉදිකරමින් සිටි ගොඩනැගිල්ල ආසන්නයේ ඇති අම්බලන්ගොඩ කරිත්ත කන්ද සුන්නන්දාරාම විහාරස්ථානයට යාමට ඇති මාර්ගයේ කන්ඳ එක පාරටම කඩාගෙන ඇති බවද පොලීසිය කියයි.
එම කන්ද කඩාගෙන එනවිට එක් අයෙක් දිව විත් දෙපා පමණක් කන්දට යටවී දිවි බේරාගෙන ඇති බවත් අනෙක් දෙදෙනා කන්දට යටවී ඇති බවත් පොලීසිය කියයි.කන්දට යටවූ දෙදෙනාගෙන් එක් අයෙක් ප්රදේශවාසීන් සහ අම්බලන්ගොඩ නගර සභා සේවකයන්ගේ පැය භාගයක පමණ පරිශ්රමයකින් පසු ඔහු නිරුපද්රිතව ගොඩට ගෙන රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.ඔහුගේ තත්ත්වය බරපතල බවද පොලීසිය කියයි.
අනෙක් පුද්ගලයාගේ ඇග මතට පස් කන්දටම යටවී ඔහු නොපෙනී ගොස් තිබූ බවත් ප්රදේශවාසීන් සහ අම්බලන්ගොඩ නගර සභාවේ සේවකයන් බැකෝ යන්ත්රයක් ආධාරයෙන් පැයක් පමණ පරිශ්රමයක් දරා ඔහු යටවී සිටි තැනින් ගොඩට ගෙන රෝහල් ගත කල බවත් පොලීසිය කියයි.
පස් කන්දට යටවී පැයක් පමණ පරිශ්රමයක් දරා ඇති අය මියගොස් ඇති බව ද පොලීසිය කියයි. මේ පස් කන්දට පුද්ගලයන් තිදෙනෙක් යටවූ පනිවිඩය ලද සැනින් අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා මහතා සිය ආයතනයේ කර්මාන්ත අංශයේ සහ මාර්ග අංශයේ සියලුම සේවකයන් මෙන්ම රථ වාහන එම ස්ථානයට යවා තමාද පස් කන්දට යටවූ පුද්ගලයන් බේරා ගැනීමට දැඩි පරිශ්රමයක් දරන අයුරුද දක්නට ලැබිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

