අහංගම තිත්තගල්ල කැරෑන ප්රදේශයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ වැඩබිමකදී ඊයේ ( 22) සවස පස් කන්දක් කඩා වැටීමෙන් පස් කන්දට යටවු තිදෙනෙකු මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ මහියංගනය ප්රදේශයේ තිදෙනෙකි. කැරෑන ප්රදේශයේ සංචාරක නිකේතනයක් ඉදි කරන වැඩ බිමක පුරවන ලද පස් කන්දක් හාරමින් සිටියදී පස් කන්ද කඩා වැටී තිදෙනෙකු යටවු විට ප්රදේශවාසීන් විසින් එක් අයෙකු බේරා ගෙන පළමුව රෝහල් ගත කර ඇත. පසුව යටවී සිටි අනිත් දෙදෙනාද ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් එම දෙදෙනාද මිය ගොස් තිබේ.
මිය ගොස් ඇති තිදෙනාම එම ඉදි කිරීමෙි යෙදී සිටි සේවකයින් බව වාර්තා වේ. අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
අහංගම සුමතිපාල දීයගහගේ