පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙ.
එළැඹෙන සැප්තැම්බර් 20 දා මෙම කොමිෂමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණත් එතැන් පටන් තවත් මාස තුනක් එනම් දෙසැම්බර් 20 දා දක්වා දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්රහාරයන් සම්බනධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම ජනපති කොමිෂම එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019/09/20 දා පිහිටුවන ලදී.
මාස හයක කාලයක් සඳහා මෙම කොමිෂම පත්කළ අතර එහි නිල කාලය මාර්තු 20 දා අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොමිෂමේ කාලය තවත් මාස හයකින් එනම් එළැඹෙන සැප්තැම්බර් 20 දා තෙක් දීර්ඝ කරන ලදී.
ඉන් අනතුරුව තවත් මාස තුනක කාලයක් සඳහා කොමිෂමේ කාලය දිගු කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළේය