ප්රජාතන්ත්රවාදී දේශපාලන සම්මුතිය ඉදිරියට පවත්වාගෙන යාමට ජනපතිවරයා අපොහොසත් වී ඇති බවත් ආණ්ඩුව බලයට ගෙන ආ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ පැවැසූහ.
රටම හරි මගට යන මැයෙන් පක්ෂ 11ක් කොළඹදී පවත්වන මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට වඩා දේශපාල අර්බුදය ප්‍රභල බවත් උන්වහන්සේ පැවැසූහ. දේශපාලන තීන්දු පවුලේ කෑම මේසයේ ලබාගැනීමේ ප්‍රතිඵල මුලු රටම විදවන බවත් රතන හිමියෝ පැවැසූහ.