නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ විශේෂ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 04 දා (ඉරිදා) පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලබන මෙම නිලධාරිනියන්, දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම්කර ඇත.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය, ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී සුවිශේෂී වැදගත්කමක් උසුලයි. නවක නිලධාරිනියන් 1056 දෙනෙකු සෞඛ්‍ය සේවයට එක්වීම එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ලබයි.
