පවුල් සෞඛ්‍ය සේවාවේ ගැටළු විසදීමට කමිටුවක්
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග ඊයේ (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 3 ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත්කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙහි දී සාකච්ඡාව සිදු කරන ලදී.
එමෙන් ම සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් ඔවුනට බලපාන අනෙකුත් වෘත්තීය ගැටළු මෙන් ම සිය සේවා කටයුතු සිදු කිරීමේ දී අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්රිත කරුණු රැසක් පිළිබඳව ද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්රය තුළ විශිෂ්ටව ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන් ද වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දිර්ඝව සාකච්ජා කරන ලදී.
විසදුම් ලබා දිය හැකි ගැටළුවලට එම මොහොතේම නිලධාරීන් සමඟ සාකච්ජා කොට විසදුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගත් අතර තවත් කරුණු ගණනාවක් සදහා කඩිනමින් විසදුම් ලබා දීමට ඇති හැකියාව පිළිබදව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන් සමග කරුණු විමසා බලන ලදී.
පළාත් සභා රෝහල්වලට සහ සෞඛ්‍ය ආයතනවලට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ආවේනික වූ ගැටළු කිහිපයක් පවතින බවද වෘත්තීය සමිති නියෝජිතයන් මෙහි දී පෙන්වා දෙන ලදී.
එම ගැටළු වලට විසදුම් ලබා දීම සදහා කඩිනමින් පළාත් ආණ්ඩුකාරවරුන් සහ අඳාළ නිලධාරීන් එක්ව විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සදහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

