අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට ඊයේ (28දා) රාත්‍රි කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදුකල බව කියන ඇගේ මස්සිනා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව බංගම පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටී.
සැකකරුගේ හා බිරිදගේ ප්‍රශ්න වලට නෑනා මැදිහත් වන බවට ඇති කරගත් පවුල් ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමෙන් පසු සැකකරු පලා ගොස් ලේනම කැලෑවක සැගවී සිට තිබු අතර අකුරැස්ස පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකල සෝදිසි මෙහෙයුමකින් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකාරියගේ සහෝදරියගේ සැමියා වන සැකකරු සන්තකයේ තිබී වෙඩි තැබීමට උපයෝගී කරගත් මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්ද පොලීසිය සොයා ගන්නා ලදි.
අකුරැස්ස දීගල පදිංචි 38 හැවිරිදි සැකකාර මස්සිනා අද (29) අධිකරණය හමුවට ඉදිරීපත් කිරීමට නියමිතව තිබුණි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්