වාකරේ පොලිස් වසමේ උරියංකට්ටුව ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනයකර ඇති බවට 2025.11.17 වන දින සවස් කාලයේ වාකරේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 22 ක් වූ තට්ටමුණෙයි ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා සැමියා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් විදුලි පංකාවක වයරයකින් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර සැමියා ද වස පානය කර දැනට මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර වයස අවුරුදු 25 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබයි. වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.