නවගත්තේගම මුල්ලේගම ප්රදේශයේදී ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් එකම පවුලේ සහොදරියක සහ සහෝදරයෙකු ඝාතනයට ලක්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.
මෙම ඝාතනය ඊයේ (30දා) රාත්රී 11 ට පමණ සිදුවී ඇති බවත් එහිදී මියගොස් ඇත්තේ නවගත්තේගම මුල්ලේගම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අනුෂා කුමුදුනී (27) සහ දිසානායක මුදියන්සේලාගේ අනුර සම්පත් (33) නම්වූ දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා එකම පවුලක අයියා සහ නැගණිය බවත් නැගණිය විවාහක එක්දරු මවක බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.
මිය ගිය කාන්තාව ගේ සැමියා පෙදරේරුවෙකු බවත් එම විවාහයෙන් ඔවුන්ට වයස අවුරුදු 05 ක දරුවෙකුද සිටින බවත් අනාවරණය වී ඇත. මෙම අඹු - සැමියන් අතර නිතර පවුල් ආරවුල් තිබී ඇති බවත් එම නිසා එම දරුපවුල කාලයක සිට වෙන්ව ජීවත් වී ඇති බවත් කියති.
රාත්රීයේ කිසිවෙකු තම නිවසේ වහලය උඩ සිටිනවා දැක ඇති මිය කාන්තාව ඒ බව ශබ්ද නගා ආසන්න නිවසේ පදිංචිව සිටින සහෝදරයාට පවසා ඇති අතර එම ශබ්දය ඇසී සහෝදරයා සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයට පැමිණ ඇත. එහිදී වහලය උඩ සිට ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බවට හදුණාගෙන ඇත.
මෙහිදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුමක් දුර දිගයාමෙන් සිදුවූ පිහි ඇණුමකින් මෙම මරණ සිදුවී ඇති බවට සැකකෙරේ.
සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුද (මියගිය කාන්තාවගේ සැමියා) තුවාල සහිතව පොලිස් ආරක්ෂාව යටතේ ප්රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජයරත්න වික්රමාරච්චි