පාවෙන ඡන්ද දායකයන් හා අලුත් ඡන්ද තීරණාත්මකයි
ජනපතිවරණයේදී පාවෙන ඡන්ද හා අලුත් ඡන්ද තීරණාත්මක බවත්, මෙවර ජනපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නියත බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. අද (27දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාව මම භාරගත්තා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වගකීම් මට පවරා තිබෙනවා. ඒ වගකීම් ඉටු කරන්න මම ලෑස්තියි. පක්ෂයෙන් ඉවත්වූ අය නැවත පක්ෂයට ගැනීමට පාලමක් වෙන්න බලාපොරොත්තු වෙනවා.
මම ජාතික දේශපාලනයට ඇවිත් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ස්ව උත්සාහයෙන් කටයුතු කළේ. ඔහු පවුල් දේශපාලනයෙන් ආරම්භ කළේ නෑ.
ඔහු පියා අභාවප්‍රාප්ත වූවාට පස්සේ දේශපාලනයට ආපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා හෝ කිසිවෙක් පවුල් දේශාපලනයට සම්බන්ධ නෑ.”

popular news
- 
                            Nandana Friday, 27 September 2019 04:40 PM මහා ලේකම් ?,යන යන තැන පරාද වෙන ,ගෙම්ම්බෝ වගේ පනින උන්ගේ කතා UNP කාරයන්ට අරහන්.මම සජිත්ට චන්දෙ දෙන්න හිටියේ, දැන් දෙන්නේ නැහැ Reply : 0 0 Champa Friday, 27 September 2019 09:36 PM සජිත් ප්‍රේමදාස ගොඩ නඟා ගත්ත දෙයක් නැහැ. පහුගිය අවුරුදු 41/2 පුරා එක ජාතික ප්‍රශ්නයක් ගැන කටක් ඇරියේ නැහැ. යූඑන්පී එක හමුදාව පාවල දෙනකොට රට පාවල දෙනකොට ඒවාට විරුද්ධව කතා කලේවත් නැහැ. එක පාරක් හෝ දෙපාරක් ගෝඨාභයව හිරේ දාන්න දෙන්න නැහැ නම් කිව්වා. දැන් යූඑන්පේ එක කරපුවට විරුද්ධව කතා කරනවා හැබැයි මෙච්චර කල් යූඑන්පී එකේ නියෝජ්‍ය නායක. 2015 ඉඳන් මේ දක්වා වහල් ආණ්ඩුව කරපු සියලු ජාතිද්‍රෝහී දේශද්‍රෝහී ක්‍රියා වල සජිතුත් කොටස්කාරයෙක්. මිනිස්සුන්ට ලොකු මොලේ අමාරුවක් තියෙන්න ඕනේ සජිත්ට චන්දෙ දෙන්න. Reply : 6 0 Champa Friday, 27 September 2019 09:41 PM පාවෙන චන්ද? පාවෙන චන්ද? තාම ඉන්නේ පරණ යල් පැනපු අදහස් වල. ජනතාව පාවෙන එක අතාරියේ 2015 ජනවාරි 9 වෙනිදමයි. මීට පස්සේ කිසිම චන්දෙකදී ආයේ පාවෙන චන්ද කියල ජාතියක් නැහැ. ජනතාව ඉන්නේ දේශපාලකයන්ට වඩා ගව් ගානක් ඉස්සරහින්. මිනිස්සු දැන් දේශපාලකයෝ කියන දේ අහන්නේ නැහැ. තීරණ ගන්නේ ස්වාධීනව. අනිත් එක කැට කඩල කියනව අලුත් චන්ද කිසිවක් දේශපාලකයන්ට ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට, විශේෂයෙන් තරුණ පරම්පරාවට දේශපාලකයෝ දැන් allergic. අලුත් චන්ද සියල්ල ලැබෙන්නේ දේශපාලන පසුබිමක් නැති කාට හරි. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                