ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි දැනට මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මානව සම්පත් හිඟය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳ නිලධාරීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.
පවතින සම්පත් ඵලදායීව යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලි කළේය.
