වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලායාමේදී පිටත රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයේ බුරුසු වැඩ කණ්ඩායමේ සේවය සදහා යොදවා සිටි අයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
බන්ධනාගාර තාප්පයට නැග බන්ධනාගාර සීමාවෙන් පිටතට පැන යාබදව ඇති මාර්ගයේ දිවයන අවස්ථාවේදී සිරකරු අත්අඩංගුවට ගැණුනා. ඔහු මේ වනවිට වැලිකඩ බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකුගේ ප්රධානත්වයේ මූලික විමර්ශනයක් ආරම්භ කර තිබේ.