අපවත් වී වදාළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා හා සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත්කිරීමටද ජනපතිවරයා කටයුතු කර තිබේ.