පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 24 සහ 28 වියේ පසුවන සිව් දෙනෙකි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (16දා) දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණෙන අයගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී බීමත්ව සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.
මොවුන් අද (17දා) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.