පල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සනාථ කළේය.
කුණ්ඩසාලය ප්‍රදේශය තම රාජධානිය කොටගෙන රජකම්කල අවසන් සිංහල රජු වශයෙන්ද සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමාගේ රාජ මාලිගා පරිශ්‍රය පිහිටි පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ කිලෝ 1000 කටත් වඩා බරකින් යුතු එම කටාරම් කොටා කැටයම් යෙදු සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමකින් යුතු එම පාෂාණය ඉකුත් දෙසැම්බර් මස 13ත් 14ත් අතර රාත්‍රී කාලයේ කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබුණි.
එම පුරාවිද්‍යා මංකොල්ලය සඳහා පැමිණි පුද්ගලයන්ගේ වාහන අංක පවා ආවේක්ෂණ කැමරා වල පැහැදිලිව සටහන්ව තිබියදී එහි පොලිස් විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී මාධ්‍ය මගින් ප්‍රශ්න කෙරුණි.
මෙම පුරාවිද්‍යා මංකොල්ලය සඳහා ඉහළ පෙලේ දේශපාලකයන්, පොලිස් නිලධාරීන් සහ විවිධ තරාතිරම්වල මැරවරයන් සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කටයුතු සිදු කළ පල්ලේකැලේ පොලිසිය එහි විමර්ශන කටයුතු නිසි පරිදි සිදු නොකරන බවට දැඩි චෝදනා එල්ල විය.
එම සිද්ධියේ පොලිස් විමර්ශන කටයුතු වල වත්මන් තත්වය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා අවධාරණය කර සිටියේ එම සිද්ධියේ විමර්ශන කටයුතු වඩාත් පුළුල්ව සිදු කළ යුතු බැවින් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි.
ෂේන් සෙනෙවිරත්න