ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර ඉකුත් 10 දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියදීදී පැවති ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයන් දමා ගිය කසල ටොන් 10 කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් ඉවත් කිරීමට කොණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව කටයුතු නොකිරීම හේතුවෙන් බරපතල පරිසර ගැටලු රැසක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කළමනාකාර ජානක පතිරණ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වූ අතර ක්‍රීඩාංගනයේ ප්‍රකාශකයකු පවසා සිටියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ මෙවැනි තරගයක් පැවැත්වෙන විට ප්‍රවේශපත් අලවින් 20% ක ප්‍රමාණයක් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ලබා දෙන බවයි. ඉකුත් ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා 40,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ සිටි බවද ඔහු පැවසීය.
ලබන සිකුරාදා (18) දින මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා පාසල් දෙකක් අතර මහා ක්‍රිකට් තරගයක් මෙම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බැවින් මෙම කුණු තොග ඉවත් නොකිරීම බරපතළ ගැටලුවක් බවද පැවසීය.
ෂේන් සෙනෙවිරත්න
