විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තිරණාත්මක තරගයක් වන ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට මහනුවර පල්ලෙකැලේ පිටියේදී ආරම්භ කිරිමට නියමිතය.
මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත හොත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් හිමිවෙයි. මේ වන විට සිම්බාබ්බේ කණ්ඩායම සමගින් පැවැති තරගයද ඔස්ට්‍රේලියාව පරාජයට පත්ව ඇති අවස්ථාවක තරගාවලියේ ඔවුන්ගේ ඉදිරිය තීරණය කරන තරගයක් ලෙස ඔස්ට්‍රේලියාවට මෙය වැදගත්වෙයි.
මීට අමතරව තවත් තරග දෙකක්ද අද දිනයේදි පැවත්වීමට නියමිතය.
ඇෆ්ගනිස්ථානය හා ඒක්සත් අරාබි ඒමීරය අතර තරගය පෙ.ව. 11ට ඉන්දියාවේ දිල්ලිහිදී
ඉතාලිය හා එංගලන්තය අතර තරගය පස්වරු 3ට ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න් පිටියේදී.
