දුම්මලසූරිය, යගම්වල පිහිටි මුස්ලිම් පල්ලියක දෙපිරිසක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (04දා) දහවල් මෙම ගැටුම හටගෙන තිබේ. පල්ලියේ පවත්වා ඇති ආගමික වැඩසටහනකට එක්වූ මව්ලවිවරයෙකුට මුදල් ගෙවීම සඳහා සහභාගීවන්නන්ගෙන් මුදල් අය එකතු කිරීම හා එම පාසල ආසන්නයේ තිබූ මුස්ලිම් පාසලක් සම්බන්ධ මතභේදයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන තිබේ.
මෙම සිදුවීම පල්ලියේ පරිපාලනය සම්බන්ධයෙන් වරින් වර ඇතිවූ මත ගැටුම් තත්ත්වයක් හේතුවෙන් සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අණාවරණය වී තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලීසිය විමර්ශන කටයුතු සිදුකරයි.