මාතර පල්ලිමුල්ල සම්බෝධි මාවතේ පදිංචි මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයකුගේ නිවසට ඊෙ (14) රාත්‍රී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එම වෙඩි ප්‍රහාරයෙන් අදාල නිවස හිමි ව්‍යාපාරිකයාට හෝ වෙනත් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර නිවසේ බිත්තියකට නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයකට ,ත්‍රී රෝද රථයකට අලාභ හානි සිදු වී ඇත.
මෙම වෙඩි තැබීම රිවෝල්වරයකින් සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරන අතර ඒ ආසන්නයේ වැටී තිබිණ මිලි මීටර් 9 වර්ගයේ හිස් පතොරම් කොපු පහක් පොලීසිය සොයා ගෙන තිබේ.
විදෙස් ගතව සිටීන ප්‍රබල පාතාල කල්ලි නායකයෙකුගේ උපදෙස් මත මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බවට පොලීසිය සැක කෙරේ.
ඔහු විසින් 2010 වසරේ දී කැකණදුරේ දී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියකට අදාල නඩුවක රජයේ සාක්ෂිකරුවකු ලෙස අදාල ව්‍යාපාරිකයා පෙනී සිටීම මෙම සිද්ධියට ආසන්නම හේතුව දැයි සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇත.ඊට අමතරව අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරීන් ගේද සහාය ලබා ගෙන තිබේ.
ක්‍රිෂාන් ජිවක ජයරුක්
