ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යාඥයෙක් වන ස්ටීිව් හැන්කේ මහතා ගණනය කරන ලෝකයේ රටවල් අතර උද්ධමනයෙන් ලංකාව ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.
ඔහුගේ නවතම උද්ධමන දර්ශකයේදී ලංකාව හතර වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ. පසුගිය කාලයේදී මෙම දර්ශකයේදිී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවූූ අතර එය දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණි.
මේ අනුව ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රටක් බවටද පත්ව තිබුණි. කෙසේ වෙතත් අගෝස්තු 18 වැනිදා ඔහු නිකුත් කළ දර්ශකයේදී ලංකාව 4 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබුණි.
සිම්බාබ්වේ, කියුබාව හා තුර්කිය ශ්රීි ලංකාවට ඉහළින් පසුවෙයි.
