පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය ඡාලාවල පළවීමත් සමඟ ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වීමෙන් පසු රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත මෙම වැඩ තහනම් කිරිම සිදුකර තිබේ.
ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.
