පොලිස් ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වෙති
පොලිස් ගින අවියක් ක්රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකි හාතාගල ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්ව තිබේ.
හුංගම, හාතාගල ප්රදේශයේදී යතුරු පැදි සංචාරයෙන් යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරු පැදියක් නවත්වන ලෙස අණකර තිබේ.
කෙසේ වෙතත් එම අණකිරිම නොසළකමින් යතුරුපැදිය ධාවනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරින් විසින් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමක් සිදුව තිබේ.
මෙම පොර බැඳිම සිදුවන අවස්ථාවේදී එක් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්රියාත්මක වී ඇති අතර ඒ අවස්ථාවේ ඒ අසළින් ගමන් ගත් වෑන් රථයක් තුළ සිටි හිමිනමකට මෙම වෙඩි පහර වැදී අතර පසුව පසුව අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව උන්වහන්සේ අපවත්වී තිබේ.
popular news
-
Kumar Sunday, 19 January 2020 08:39 PM
මම දන්නා ගිනි අවිනම් ඉබේ පත්තු වෙන්නේ නැහැ. එවැනි අබලන් අවියක් ළඟ තබාගන්න කෙනා මිනිමරුවෙක් වගෙයි. ඒ රාළහාමිගේ නම අතපත්තු වෙන්න ඇති. මිනිස් ගතනයකින් පසු මෙහෙම බොරු කියන්න පුලුවන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

