කිලිනොච්චිය පොලිස් වසමේ අරවියල් නගර් ප්රදේශයේ ජීප් රථයකින් විශාල ගංජා තොගයක් ප්රවාහනය කරන බවට සැකසහිත ජීප් රථයක් නැවැත්වීමට උත්සාහ කරන අවස්ථාවේදී පොලිස් අණ නොතකා ධාවනය කරන අවස්ථාවේදී එය නැවැත්වීම සඳහා පොලීසිය වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
අද (14දා) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් ජීප් රථයේ සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බවත් ඔහුව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි.
පසුව කළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම ජීප් රථයේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසක් ගමන් කර ඇති බවයි.
කිලිනොච්චිය පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.