පොලිස්පතිට ඉවත්වෙන්න රන්ජන්ගෙන් යෝජනාවක්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනාවක් ඇති හෙයින් ඔහු එම ධුරයෙන් තාවකාලිකව ඉවත්ව පරීක්ෂණ සඳහා දැක්විය යුතු බවට තමන් සිතන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
එසේම එය පිටරට සිදුවෙන් දේ බවත් පරීක්ෂණවලට මුහුණදී එයින් නිදෝසවුවහොත් ඔහුට නැවතත් ධුරයට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී ඉන්න එපා. පිටරට ක්‍රමේ මොකක්හරි චෝදනාවක් ආපුවාම ධුරයෙන් ඉල්ලා අස්වෙලා පරීක්ෂණවලට සහාය දෙන එකයි. එතුමා යුනිෆෝම් එක ඇඳගෙන නටපු එකටනම් මම කැමති නෑ. ගරුතර මහා සංඝරත්නයට කතා කරපු විදිහට මම කැමති නෑ.
එතුමට චෝදනාවක් තියෙනවා. එතුමා නිතිය ගැන දන්න පුද්ගලයෙක් නම්, රජය, අගමැතිතුමා, ජනපතිතුමා අපහසුතාවට පත් නොකර එතුමා කියන්න ඕන “සර් මගේ නමට චෝදනාවක් තියෙනවා. මම ධුර කාලයෙන් අයින් වෙන්නම්. පරීක්ෂණයට මුහුණ දීලා එන්නම්.” ඒක එතුමා කරන්න ඕන දෙයක්”
ඡායාරූප ඉසුරු පෙරේරා




popular news
-
කෝලිත Thursday, 04 October 2018 07:55 PM
චූන් උනාම කියන් උවමනා නැති ඒවත් කියනව.....රාජපක්සලට බුරන්න විතරයිනෙ කිවිවෙ දැන් අපිටම බුරනවනෙ....පොලිස්පනි එලවන්න තිබුනෙ භාවනා කරන්න කියපු වෙලාවෙ...දැං පරක්කු වැඩියි ගම කාගෙන ඉන්නෙ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

