පලාලි ගුවන් තොටුපලට ඉන්දියාවෙන් පළමු වරට පරික්ෂා කිරීමේ ගුවන් යානයක් පැමිණෙයි
එළඹෙන ඔක්තෝම්බර් 17 වනදා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් විවෘත කිරිමට නියමිතව ඇති පලාලි ගුවන්තොටුපල වෙතට අද (15) දහවල් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයක් පරික්ෂා කිරීමේ ගුවන් ගමනක් වශයෙන් ළඟා විය.
ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි ගුවන්තොටුපල වෙතට අද දින ළඟා වී ඇති මෙම ගුවන් යානයේ විශේෂඥයින් හා පලාලි ගුවන් තොටුපලේ අධීක්ෂණ නිලධාරීන් විසින් ගුවන්තොටුපලේ ධාවන පථය ඇතුළු සෙසු අංග පිළිබඳව පරික්ෂා කිරීමක නිරත වී ඇත.
එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඉදිරියේ දී යාපනය සිට නවදිල්ලිය, මුම්බායි හා කොචි දක්වා ද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.
රුපියල් මිලියන 2,250 ක වියදමින් පලාලි ගුවන්තොටුපල පුළුල් කොට මෙසේ සංවර්ධනය කිරීමෙන් පසුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වශයෙන් ඉදිරියේදී යොදා ගැනීමට රජයේ බලාපොරොත්තුව වෙයි.
17 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග , නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , උතුරුපළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා, ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන අයගේ සහභාගීත්වයෙන් පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් මෙම මස තුළ විවෘත කිරීමට සූදානම් කොට ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

