ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් මෙරට සම්පාදනය කර නොතිබූ අතර පූර්ව පාසල් අධ්‍යාපනයේ විධිමත් භාවයක් ඇති කිරීම උදෙසා ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පළමු වරට මෙම ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට පියවර ගැනිණි.
ජනාධිපති සහ ආණ්ඩුකාරවරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරු අතර ඊයේ (18දා) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මඟින් දේශීය සහ විදේශීය පර්යේෂණ කෘති අධ්‍යයනය කරමින් සහ පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ සියලු ආයතන, සංවිධාන සහ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ කටයුතු 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කරන ලදී.