පරිපූරක වෛද්‍ය සේවාහා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත්පිරිස ඊයේ (02දා) ආරම්භ කළ වැඩවර්ජනය හෙට (04දා) උදෑසන 08.00ට තාවකාලිකව නවතා දමන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
ඉදිරි දින 10ක කාලය තුළදී අදාළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් මෙම මස 13වැනිදායින් පසු ඕනෑම මොහොතක අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බවද එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
හෙද පරිපූරක වෛද්‍ය සේවාහා අතුරු වෛද්‍ය සේවාවන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා පෙරේදා උදෑසන08.00 සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළ බවත්, මෙම වැඩවර්ජනයට අනුව බලධාරීන් නිසි විසඳුම් ලබා නොදුන් බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ හේතුවෙන් ගැටලු විසඳීම සඳහා බලධාරීන්ට දින 10ක කාලයක් ලබා දෙන බවත්, එම කාලය තුළදී ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනබවත්හෙතෙම සඳහන් කළේය.