වෛද්‍ය කර්මය සඳහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞත චිකිත්සක (Physiotherapist) තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ නිල ගැසට් නිවේදනය අද (24) දින නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
එම ගැසට් නිවේදනය පරිදි සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට ඉහත තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා අද සිට (24) අයදුම් කල හැක.