සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
ඒ අතර යතුරු පැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ආධාර අනුබල දීම හා සැලසුම් කිරීම යෙදුනු පුද්ගලයන් වන බව පොලිසිය කියයි. යතුරු පැදිය බොරැල්ල පොලිස් වසමේ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් වූවන් අතර පැදිකරු ද සිටින බවත් ඔහු අත්අඩංගුවට ගත්තේ ඉහළ බෝමිරිය ප්රදේශයේ දී බවත් පොලිසිය සඳහන් කරයි.
පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබු පුද්ගලයන් දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි
එහිදී පරිප්පුවා සමග සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලැබීය. පරිප්පුවා නැමැත්තා කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම.
ප්රතිවිරුද්ධ පාර්ශවයක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් නවගොමුව කොටුවිල හා ඉහළ බෝමිරිය පදිංචි වයස අවුරුදු 29 හා 34 අතර පසුවන්නන්ය.
වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ