දේශීය පරිගනක අපරාධවලට සම්බන්ධ යයි සැකකෙරෙන ඉන්දීය හා නේපාල ජාතික තරුණ පිරිසක් දොඩන්දූවේ සංචාරක හෝටලයකදී අද (11) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ඔවුන් අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 20 දෙනෙකු සිටින බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන දෙසීයකට ආසන්න ප්රමාණයක් සහ laptop පරිගණක 25ක ප්රමාණයක් ද සොයාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා හික්කඩුව පොලිසිය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත අදාළ පුද්ගලයන් සහ පොලිස් භාරයට ගෙන ඇති දුරකථන සහ laptop බාර දීමට නියමිතයි.