පුරාවස්තු හානි දඩ මුදල් වැඩි කරයි
පුරාවස්තු හානි කිරීම පිළිබඳ වැරදිවලට අදාළ දඩ මුදල් වැඩි කිරීම යනාදි ක්‍රියාමාර්ග ගනිමින් පුරාවස්තු ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුරාවස්තු ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව පුරාවස්තු විනාශය, සොරකම හා අනවසර අපනයනය වැළක්වීම, පුරාවස්තුවලට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, තොරතුරු ලබාදීමට මහජනතාව දිරිමත් කරීම මේ හරහා අපේක්ෂා කරයි.
මේ සඳහා වන යෝජනාව අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා ඉදිරිපත් කර තිබේ.
-
Champa Sunday, 10 March 2019 10:46 PM
ඔය නීතිය අවුරුදු දෙකක ආපස්සට ක්‍රියාත්මක කරලා විජිතපුර බැලුම්ගල ළඟ ඓතිහාසික භූමිය බුල්ඩෝසර් කරපු නිවාස අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ order එක දීපු නිවාස ඇමතිට විරුද්ධව නඩු දාන්න ඕනේ. තව තියෙනව සෙල්ල කතරගම පැත්තේ වැඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
