පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර 228ක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර 228ක් නිකුත් කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද(03) පැවසීය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිවරයා වශයෙන් තමන් මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.
මෙහිදි අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගමැතිවරයා,කථානායකවරයා ඇතුලු දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන නැති බවයි.
රාජ්‍ය සේවකයින් 8000ක් එම වාහන බලපත්‍ර ලබාගෙන තිබෙන බවත්,තවත් රාජ්‍ය සේවකයින් 7500ක් ඒ සඳහා ඉල්ලුම් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
-
raawana Thursday, 04 October 2018 10:18 AM
කොහොමද මුන් ජනතාව ගොනාට අන්දවන හැටි?
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

