පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීමට ගිවිසුමක්
පාර්ලිමේන්තු විවාදවලදී හා විෂය මූලික කරගත් කරුණු ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර, අද (15දා) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
රට තුළ පිරිසුදු දේශපාලනයක් ඇති කිරීම සඳහා විද්වතුන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ මැතිවරණ නිරීක්ෂකයන් එක්ව මාර්තු 12 ව්‍යාපාරය සකස් කර තිබෙන බවද එම සංවිධානයේ සාමාජික, පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
තම සංවිධානය සමග මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මේ වනවිට ඒකාබද්ධ වී සිටින බවත්, ඔවුන්ට පාර්ලිමේන්තු විවාදවලදී හා වෙනත් විෂයයන් පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු දැක්වීමේදී අවශ්‍ය වන දැනුම ලබාදීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවද ඔහු පවසා සිටියේය.
අවබෝධතා ගිවිසුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ මාර්තු 12 ව්‍යාපාරය අතර අත්සන් කරන බවත්, ඉන්පසුව විවිධ විෂයයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සිදු කර ඇති පරීක්ෂණ වාර්තා තොරතුරු ලබාගැනීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකි වන බවත් හෙතෙම සඳහන් කළේය.

popular news
-
ගමගේ Wednesday, 15 August 2018 06:27 AM
මේ අයට ගොන් කරත්ත තමයි, ඥානය නැති හොරු මිනීමරු රැළක් ඉන්න අපේ පාර්ලිමේන්තුවේ අයට විශ්වවිද්‍යාලය දැනුම ඉදිරි ආත්මයක වත් ලබාගන්නවා මිසක් මේ අයට මොන විශ්වවිද්‍යාලයක දැනුමක්ද.????
Reply : 0 10
kamal Wednesday, 15 August 2018 10:38 AM
සමන්ය පෙළවත් නැති අය විශ්වවිද්‍යාල යවන්න??? මට අනිත් පැත්තෙනුත් හිනා.
Reply : 0 2
රත්නසේන Wednesday, 15 August 2018 11:49 AM
ඊට වැඩිය හොඳ නැද්ද වීශ්ව විද්‍යාලවලට පාර්ලිමේන්තු වේ සිටින අයගේ දැනුම ලබා දෙන වැඩ පිලිවෙලක් සකස් කරන එක?
Reply : 0 0
Dr, chandrasiri Friday, 17 August 2018 01:41 PM
oyage ugathkamath api dannawa. kayya. appa universitywalin gasa kewa. manussayo O.L nethi 93 denata O.L karanna kiyapan thama university ekakata giye nethath university kiyanne usas adyapana aayathana owunta mole madi bawa dena gannawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

