ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අය කරන මුදල වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20දා) විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වීය.
පළමු වසරට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයට රුපියල් 2,500ක මුදලක් අය කරන බවත්, එය නීතිවිරෝධී බවත් එම ශිෂ්‍ය සංගමයේ සභාපති සඳුන් චතුරංග මහතා පැවසීය.
මේ පිළිබඳ සාකච්ඡාවක් ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ශිෂ්‍යයන් සමග පාගමනක් ගියද අදාළ සාකච්ඡා නොලැබුණු බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පාගමනින් පැමිණි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එම ස්ථානයේදී විරෝධතා රුළියක් පැවැත්වීමට කටයුතු කළහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
දිට්වා ලංකාවේ විශාලම බිත්තර නිෂ්පාදකයා හාන්සි කරයි
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අවුරුදු 13, වැය කළ මුදල රු.බි. 3.4, ආපදාවට පත් පිරිස ගිය අවුරුදු තුනේදි ප
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
සාර්ථකම ගොවිජන ව්‍යාපාරයක් වන නීලබැම්ම ගංවතුරට බිලි වූ හැටි
උඩරටට කෝච්චිය යන දවසක් හිතා ගන්නවත් බෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd