ප්‍රධාන ලාම්පු දෙක ජනපති හා අගමැතියි - විපක්ෂනායක ෆොග් ලයිට් එක
රට මේ වන විට අනතුරේ ඇති හෙයින් ජනපති, අගමැති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.
"වාහනයක් තිබෙනවා. දින 51 ආණ්ඩුවේදී ක්ලච් එක ගියා. දැන් අපි ක්ලච් එක හදා ගත්තා. ඝන අඳුරේ, ඝන මීදුමේ අපිට හපුතලේ කන්ද නඟින්න වෙලා තිබෙනවා. අපිට දැන් ප්‍රධාන ලාම්පු දෙකම එකපාර දැල්වෙන්න ඕන (ජනපති හා අගමැති). අවශ්‍යනම් ෆොග් ලයිට් එකත් (විපක්ෂනායක) තිබෙනවා. ෆොග් ලයිට් එක අවශ්‍ය වෙලාවට දාගන්න පුළුවන්. " යැයි ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 06 March 2019 04:53 PM
මගේ comment එක පටන් ගන්න වෙලා තියෙන්නේ "තොපිට" කියල. හැබැයි නියම කතාව. Fog light එක ඕනේ වුනේ මීදුමක් ආපු හින්ද කිව්වා එකට. Fog light එක හරිනම් වැඩ කරන්නේ නැතුව යන්නේ ඕනේ. දැන් වාහනේ කන්දෙන් පහලට වැටෙන්න ඕනේ. විපක්ෂ නායකයාත් දැන් ද්‍රෝහීන් එක්ක එකතු වෙලා නම් ඒකට කමක් නැහැ. හැබැයි "......" ඔක්කොටම අමතක වෙලා තියෙනව වාහනේ ගියර් lock කරන්නේ ජනතාව කියල. දැන් වාහනේ light තුන යූඑන්පී ශ්‍රී ලංකා පොහොට්ටුද? දැන ගත්ත එක හොඳයි. පොහොට්ටුවත් එකම පිරිස කලවම් වෙච්ච වාහනයක්. අවුරුදු 71ක් තිස්සේ මිනිස්සුන්ට දැන් ඔය අබලන් වාහන තල්ලු කරලා තල්ලු කරලා එපා වෙලා. මිනිස්සුන්ට දැන් ඕනේ තල්ලු කරන්න අවශ්‍ය නැති වෙනස් ජාතියේ අලුත් මොඩල් එකක්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

