පිඹුරු සැත්කම
ගාල්ල බටපොළ ප්‍රදේශයේ දී තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන් බරපතල ලෙස කැපුම් තුවාල ලැබු පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත. සැත්කමින් පසු මෙම පිඹුරා හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටියි.
පිඹුරාගේ උදරයට ඉහලින් කැපුම් තුවාල තුනක් තිබු බව වනජිවි සංරක්ෂණ සංගමය පවසයි. මෙම මස 08 වැනිදින පිඹුරා ගාල්ල වනජිවි කාර්යාලය මගින් හියාරේ සත්ව රෝහලට රැගෙනවිත් භාරදි තිබුණි.
සත්ව රෝහල වනජිවි සංරක්ෂණ සංගමය මගින් පාලනය වන අතර බරපතල කැපුම් තුවාල ලැබු පිඹුරා පංශු වෛද්‍ය නිලධාරියකු ලවා සැත්කමකට භාජනය කිරිමට කටයුතු කරණු ලැබිය.
පිඹුරාට විනාඩි 45ක පමණ සැත්කමක් පංශු වෛද්‍ය නිලධාරිවරයා විසින් කළ බව වනජිවි සංරක්ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරි සිසිර ජයසිංහ මහතා පවසයි.
ජිනේෂ් නානායක්කාර


popular news
-
Champa Friday, 24 August 2018 01:34 AM
හනේ මන් මේක ඉස්සෙල්ල දැක්කේ නැහැනේ. පිඹුරව සනීප කලාට පින්. සතාට වුනත් දරුවෙක්ට වගේ සලකල තියෙනව. මම ආසයි මේ වගේ කතා අහන්න. සමහර මිනිස්සු හිතක් පපුවක් නැතුව සත්තු මැරුවට අපේ රටේ මිනිස්සු සතුන්ට හරි කරුණාවයි
Reply : 0 32
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

