අඹගස්දෝව ගනේතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස කුටියක මල්පෝච්චියක් තුල හොර රහසේ ගංජා පැල වගාකල චීවරධාරීයකු කුඩා ගංජා පැල 12ක් සමග අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසයි .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අඹගස්දෝව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන රත්නපුර කුරුවිට ප්‍රදේශයේ 21 හැවිරිදි චීවරධාරීයකු යයි පොලිසිය කීය .
ලැබුනු තොරතුරු මත අඹගස්දෝව පොලිසියේ නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇති අතර , මෙහිදී විහාරස්ථානයේ චීවරධාරීයා වැඩසිටින කුටියේ මල්පෝච්චියක වගා කර තිබු අගල් 6ක් පමන උස ගංජා පැල සමග චීවරධාරියා මෙලෙස අත් අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය සදහන් කලේය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 1 උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.එල්.අබේසේකර මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඇල්ල ප්‍රසාද් රුක්මල්