ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්රදේශයේදී පිරිමි ළමයෙකු ඊයේ (10දා) අමුණක දියේ ගිලී මියගොස් ඇති බවට ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය ළමයා වයස අවුරුදු 12 ක් වූ දේවහුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.