හැටන් පන්මූර් ජලාශයේ තිබි හදුනා නොගත් පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ. හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ජලාශයේ පා වෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් (22) දින සොයා ගත් බව හැටන් පොලිසිය පැවසීය.
ජලාශයේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබෙන බවට ම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත මෙම සිරුර සොයාගෙන ඇත.
පන්මූර් ජලාශයේ ආසන්නයේ පාවහන් යුවලක්, කුඩයක් සහ මුදල් පසුම්භියක් තිබී පොලිසිය සොයාගෙන ඇත.
සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ පවත්වයි.


