අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලද ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හරහා හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමි හිමිකම් ඉවත් කර තිබේ.
ඒ්ර අනුව ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්රකාරව හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව; ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්රවාහන සහ වෙනත් සියලු පහසුකම්, සහ ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්රකාරව හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්රාම වැටුප අහෝසි වීම සිදුවේ.