පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්රතිසන්ධානය පිළිබඳ කාර්යාල යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.
ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 01 දරන ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාල පනත, 2024 අංක 02 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත, 2024 අංක 03 දරන ඇටෝර්නි බලතල (සංශෝධන) පනත සහ 2024 අංක 04 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස ඊයේ (23) සිට බලාත්මකවේ.