කිසියම් පුද්ගලයකු විසින් සාත්තු කර තිබු කේරල ගංජා පැල දෙකක් මතුගම පැලවත්ත පදික වේදිකාවේ තිබී ගලවා ඉවත්කිරීමට මීගහතැන්න පොලිසිය කටයුතු කර තිබුණි.
මතුගම බස් නැවතුම ඉදිරිපිට මගීන් ගමන් ගන්නා මාර්ගයේම තිබූ මෙම ගංජා පැල බොහෝ පිරිසගේ නෙත ගැටී තිබූවද දාස්පතියා මල් යැයි සිතා ඒ පිළිබඳ කිසිවකුගේ අවධානය යොමුවී නොතීබුණු අතර රාත්රී මුර සේවා අධීක්ෂණය සඳහා ගිය ස්ථානාධිපතිවරයාගේ නෙත ගැටීමෙන් අනතුරුව මෙම පැල ගලවා ඉවත් කර තිබේ.
ප්රදේශයේ වෙනත් කුමන හෝ ස්ථානයක මෙවැනි ආකාරයේ රෝපිත පැල ඇතිද වග සොයා බැලීමට පොලිස් නිලධාරීන් දැනුවත් කළ බව මීගහතැන්න පොලිස් ස්ථානාධිපති චින්තක දහනායක මහතා පැවසීය.
විශ්ව ගැමුණු ප්රියංකර

