රාත්‍රී කාලයේ අනවසරයෙන් පදවිය ජලාශයේ මසුන් අල්ලමින් සිටි සැකකාර පුද්ගලයන් පස් දෙනෙකු ,දැල් ආම්පන්න සහ ඔරු පහක් සමග අත්අඩංගුවට ගත් බව දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය අද (24දා) පැවසීය.
වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකාර ධීවරයින් පස් දෙනා , ඔරු පහ ජලාශයේ දමා ,දැල්.ආම්පන්නද රැගෙන පලා ගිය බවද ,පසුව සිදු කල වැඩිදුර පරීක්ෂණයේදී ,අදාල සැකකාර ධීවරයන් පස් දෙනා අත්අඩංගුවට ගත් බවද ,දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය සඳහන් කරයි.
මෙම ජලාශයේ මසුන් ඇල්ලීම සඳහා එක් එක් ධීවරයන්ට නියමිත කාල සීමාවන් ලබා දී තිබියදී, මෙම ධීවරයන් තම කාලසීමාවෙන් බැහැරව අදාල නීති.උඋල්ලංඝනය කරමින් මෙලෙස නීති විරෝධී ලෙස මසුන් මැරීම සිදු කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකල බවද එම කාර්යාලය සඳහන් කරයි.
දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී ජයබාහු සෙනරත් මහතාගේ මෙහෙයවීමෙන් ,පදවිය ජලාශය බාර ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී තුෂාර තිලකරත්න මහතා සහ ජලාශ ධීවර සමිතියේ නිලධාරීන් විසින් වැටලීම සිදු කෙරිණි .
සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා

