පතාලය රටේ නිතිය සහ සාමය අතට ගෙන ඇති බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක පා.ම සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ අද (01) දින එම පක්ෂයේ මැයි දින රැළිය තලවකැලේ ලිදුල නගර සභා ක්‍රිඩාංගණයේ පැවති අවස්තාවේදිය.
ගම දිනවන සටනට කම්කරු බලය යන මෑයෙන් (01) දින පස්වරුවේ තලවකැලේ නගර මධ්‍යයෙන් ආරම්භ කල පෙළපාලිය තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණය වෙත පැමිණ රැලිය පැවැත්විණ.
මෙම රැළියේදි වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ
කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ශක්තිය, ප්‍රාණය, අද වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා, ඊ.ටි.එෆ්/ ඊ.පි/එෆ් එකට පික් පොකට් ගහන යුගයක් එලඹිලා. පසුගිය රජට අයි.එම්.එෆ් එක එක්ක එකතු වෙලා ඊ.ටි.එෆ්/ ඊ.පි/එෆ් එක විනාශ කරන්න කටයුතු කලා, ඒ අඩිපාරේ යමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයත් ඊ.ටි.එෆ්/ ඊ.පි/එෆ් එක විනාශ කරන්න කටයුතු කරමින් සිටිනවා.
අපි කම්කරුවන් වෙනුවෙන් අදත් හෙටත් නැගි සිටිනවා, වත්මන් රජය මුසාවෙන් බලයට පත්වෙලා රට පාලනය කරනවා. ඒ අය පොරොන්දු වු පොසත් රට රටේ ජනතාවට ලැබිලා නැ, පළාත් පාලන මැතිවරණයේදිත් බොරු මල්ලක් රටේ ජනතාවට ඉදිරිපත් කරලා.
මෙවර මැතිවරණයේදි පළාත් පාලන ආයතනය බහුතරයක් හිමිකර ගන්නේ සමගි ජන බලවේගයයි.
රටේ ගොවියාට පොහොර සහනාදාරය ලබාදෙන්නේ නැ, ගුණාත්මක පොහොර ලැබෙන්නේ නැ, කෘෂි රසායන ද්‍රව්‍ය මිල ඉහල ගිහින්, අලි මිනිස් ගැටුමට පිළිතුරක් නැ.
මැතිවරණයෙන් පසු විදුලි බිල වැඩි කරන්න කටයුතු කරන්න සුදානම් වෙනවා කියලා අපිට ආරංචියක් ඇවිල්ලා තියෙනවා, 33% කින් විදුලි බිල අඩු කරනවා කිව්වා. ජනාධිපතිවරයාගෙන් අපි අහන්නේ ඇය මේ තරම් බොරු කියලා රටේ ජනතාව රවටන්නේ කියලා, වරාටේ බාන මිලට ලබාදෙනවා කිව්ව තෙල් කෝ?
35000 ක් උපාධිදාරින් රැකියා දෙනවා කිව්වා ඒ සියල්ල බොරු මල්ලක් වෙලා අවසන්, ඒ අයට පාඩමක් උගන්වන්න මෙවර පළාත් පාලන මැතිවරණයේදි සමගි ජන බලවේගයට ජන්දය ලබාදෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආහාර ද්‍රව්‍ය සියල්ලගෙම මිල ඉහල ගිහින්, ඒ වුණාට මහචාර්ය, අචාර්යවරුන් රට පාලනය කරන්නේ. පතාලය හිස ඔසවලා, රටේ නිතිය සාමය නැති වෙලා, අපි ප්‍රාදේශිය වශයෙන් ආරක්ෂක කමිටු පිහිටවලා රටේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරනවා.
අපි මෙවර පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතන බහුතරයක් හිමිකරගන්නවා යනුවෙන් පැවසිය.
සමගි ජන බලවේගයේ මැයි දින පෙලපාලියට සහ රැළියට එම පක්ෂයේ මහ ලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික පා.ම අචාර්ය හර්ෂ ද සිල්වා, පා.ම නලින් බණ්ඩාර, පා.ම තුෂාර ඉදුනිල්, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන පා.ම පලනි දිගම්බරම් සහ වි.රාධාක්‍රිෂ්ණන් යන මහතුන්ද සහභාගි විය.