පත්ල පහත් බස් රථ සේවාව ඇරඹෙයි, වසර අවසන්වන විට නව බස් 122ක්
ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන පත්ල පහත් බස් රථ (Low Floor Bus) සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස අද (21) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.
රෝද පුටු භාවිත කරන මගීන්, දෘෂ්‍යාබාධිත පුද්ගලයින්, ගැබිණි මව්වරුන් ඇතුළු අයට පහසුවෙන් බස් රථයට ඇතුළුවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කළ මෙම බස් රථ 10ක් මෙවර සේවයට එක්කර ඇත. මගී ආසන 30කින් සමන්විත මෙම බස් රථවල රෝද පුටු භාවිත කරන මගීන් සඳහා විශේෂ ආසනද වෙන් කර තිබේ.
මෙම නියමු සේවාව මාකුඹුර සිට කොළඹ කොටුව සහ මාකුඹුර සිට කඩවත දක්වා මාර්ගවල ක්‍රියාත්මක වන අතර, කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථානද ආවරණය වේ.
මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මෙම වසර අවසන් වන විට මෙවැනි බස් රථ 122ක් සේවයට එක් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරියේදී මහනුවර, මාතර, මඩකලපුව සහ යාපනය වැනි ප්රදේශවලටද මෙම සේවාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
මෙම අවස්ථාවේදී මගීන්ට බස් සේවාව පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා “LMT GO” යෙදුමද හඳුන්වා දෙන ලදී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
