සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් “කෙහෙල්බද්දර පත්මේ” යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා වෙනත් අපරාධ සිදු කර උපයාගන්නා ලද පහත සඳහන් දේපළ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2025.10.22 වන දින සිට දින 07 ක කාලයක් ක්‍රියා විරහිත කිරීමට අධිකරණය මඟින් නියෝග කර ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන සිදු කර වාර්තා කරන ලෙසටත් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත නියෝග කර ඇත.
ඒ අනුව උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි කාමර 06 ක් සිහිත අඩක් නිම කර ඇති රුපියල් ලක්ෂ 200 ක වටිනාකමකින් යුත් හෝටල් ගොඩනැගිල්ලක් හා ඊට යාබදව පිහිටි පර්චස් 20 ක රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ඉඩම මෙලෙස ක්‍රියා විරහිත කර ඇත.
එම දේපළ ක්‍රියා විරහිත කල දින 07 ක කාලය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දීර්ඝ කිරීම සඳහා මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.