පඬු කරඳ ශාකය වළ දැමූ ස්ථානයට පොලිස් ආරක්ෂාව
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ (crudia zeylanica) ශාකය කපා එහි කොටස් වල දැමූ බව පැවසෙන ප්‍රදේශයට (23) පෙරවරුවේ සිට පොලිස් ආරක්ෂාව යෙදවූ බව බෙම්මුල්ල පොලිසිය පවසයි.
ලෝකයෙන් වඳවීමේ තර්ජනයට ලක්වූ බවට ප්‍රකාශයට පත්කර තිබූ මෙම පඬු කරඳ ශාකය කිසියම් පිරිසක් විසින් පසුගියදා එම ස්ථානයෙන් කපා ඉවත් කර තිබූ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ කැබිනට් තීරණයක් මත එම ශාකය කපා ඉවත් කළ බවයි.
පඬු කරද ශාකය කපා ඉවත් කිරීමෙන් පසුව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ ද
පඬු කරඳ ශාකය පිහිටා තිබූ ස්ථානයට පැමිණ එම ශාකයේ කොටස් ඒ ආසන්න ස්ථානයක වල තමා තිබෙන බවට තොරතුරු අනාවරණය කරගනු ලැබීය.
ගම්පහ දිසා වන කාර්යාලය විසින් පඬු කරඳ ශාකය කපා ඉවත් කිරීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර තිබූ
අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 21 වන දින නියෝගයක් ලබා දෙමින් පවසා තිබුණේ එම ශාකයේ කොටස් වල දැමූ බවට පැවසෙන ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සපයන ලෙසයි.
ඒ අනුව ගම්පහ දිසා වන කාර්යාලය විසින් ආරක්ෂාව සැපයිය යුතු ප්‍රදේශය පිළිබදව බෙම්මුල්ල පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
මීරිගම කාන්ති/ටෝනි කරුණාරත්න/වාරණ ආනන්ද ජයකොඩි

popular news
-
LGPJ Monday, 24 July 2023 01:56 AM
Police Security is not enough...
Reply : 0 0
Kumar Monday, 24 July 2023 02:03 AM
polis karayinta wena wadak nadda. modayo gaha dartawath ganna thibunaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
