පාඨලීගෙන් පොලීසිය ප්‍රශ්න කරයි
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී අද පස්වරුවේ හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ගන්නා ලදී.
රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
නොසැලකිලිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරිම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

popular news
-
sg Wednesday, 18 December 2019 11:46 PM
නීතිය කාටහ්ත් පොදු වෙන්න ඕනේ.. තත්වය සහ බලය යොදවා වැරදි මග හැරවීම නීතිය සදරනවා ක්‍රියාත්මක වීමක් නොවෙඉ...අපිටත් අත්දැකීම් තියෙනවා හබි අපි ඒවාට හොදින් මුහුණ දීල නීට්ඝියෙන් නිදහස් වෙලා තියෙනවා..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
