පච්චයක් කොටාගත් පුද්ගලයෙක් හෝ කොණ්ඩය වාවත් පුද්ගලයෙක් සංවිධානාත්මක අපරාධ වැළැක්විමේ පනත හරහා අත්අඩංගුවට නොගන්නා බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"පච්ච කොටපු කෙනෙක්, කොණ්ඩේ වවපු කෙනෙක් අරගෙන ඇතුළට දාන්නේ නෑ කියලා එතුමා (ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා) පිළිගන්න ඕන. එහෙම කරුණු තියෙනවානම් ශ්රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන පුළුවන්. අපි ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරපු ආණ්ඩුවක්. සංවිධානාත්මක අපරාධ රැල්ල මර්දනය කරන්න ඕන. මෙයින් සිදුවන හානිය අවම කරන්න තමයි පනත් හදන්නේ."
