නිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි කිරීම පිළිබඳ පක්ෂ 11 එකතුවේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුව තුළින් ගන්නා විසඳුම් වහාම ක්‍රියාත්මක කරවා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පක්ෂ 11 නියෝජිතයන් සහ මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර පවත්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳ අඛණ්ඩව මහජන එක්සත් පෙරමුණ යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂයේ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන් බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ සර්ව පාක්ෂික එකඟතාවක් තවමත් ඇති වී නොමැති බවත්, ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් ගතකරන කාලය තුළින් එය පෙන්නුම් කරන බව මෙහිදී සාකච්ඡා කළ බවත් ගුණවර්ධන මහතා පවසා සිටියේය.
මෙම සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු සහභාගි වූහ.
පක්ෂ 11 නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් ලන්සා සහ ටිරාන් අලස් යන මහත්වරු එක්ව සිටියහ.